FAST NEWS

24×7 Around the Globe

කොටකෙතන මව හා දියණිය ඝාතනයේ සැකකරුවන්ට නිදහස

2012 වර්ෂයේ කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරූ සැකකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කර තිබේ.

මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවන් ලබා දුන් සාක්ෂි සිද්ධියට අදාළ වෙනත් සාක්ෂි සමග නොගැළපීම හේතුවෙන් එම සාක්ෂි පිළිගත නොහැකි සාක්ෂි ලෙස අධිකරණය පිළිගෙන ඇත.

ඒ අනුව ප්‍රධාන සැකකරුවන් අපරාධයට සම්බන්ධ නොවන පුද්ගලයින් යැයි සළකා නිදොස් කොට නිදහස් කළ බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා සඳහන් කළේ ය.