FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය සුජීව හා නියෝජ්‍ය කතානායක ගැටුමක.

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අතර අද (15දා) පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

සුජීව සේනසිංහ මහතාගේ කතාව විනාඩි 9ට සීමා වී තිබුණ අතර ඔහුගේ කතාවට විපක්ෂයෙන් බාධා එල්ලවිය. එවිට නියෝජ්‍ය කතානායකවරයාට පාර්ලිමේන්තුව නිෂ්ශබ්ද කරන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවැසූ අතර එහිදී කතානායකවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිණ.

කෙසේ වෙතත් අමාත්‍යවරයා සිය කතාව දිගටම කරගෙන ගියේය.