FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යංශය මාලඹේ සිසුන්ට සායනික පුහුණුව ලබා දීමට පොරොන්දු වේ.

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (15) පොරොන්දු වී තිබේ.

එම සිසුන් විසින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශ නියෝජිතයින් අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම පොරොන්දුව ලබාදී ඇත.

ඒ අනුව අධිකරණ වෛද්‍ය විද්‍යාවට අදාළව හා ප්‍රජා වෛද්‍ය විද්‍යාවට අදාළව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හා අවිස්සාවේල්ල මූලික රෝහලෙන් සායනික පුහුණුව ලබාදීමට කටයුතු කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දු වී තිබේ.