FAST NEWS

24×7 Around the Globe

සජින්ද වාස්ගේ නඩුව කල් යයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි අවදියේ වත්කම් හා බැරකම් ප්‍රකාශ නිසි පරිදි ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ලවී ඇති සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව විභාග කිරීම කල්තබා තිබේ.

අදාළ නඩුව අද (15) කැඳවූ අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් නඩු විභාගය කල්දමන ලෙස අල්ලස් කොමිසම විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් නඩුව විභාග කිරීම පෙබරවාරි මස 02 වන දින දක්වා කල්තැබුවේය.