FAST NEWS

24×7 Around the Globe

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8 කට උසස් වීම්.

නියෝජ්‍ය පොලිස්පති නිලයන්හි වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකු උසස් කර ඇතැයි වාර්තාවේ.

එම තනතුර හෙඹවීමට සුදුසුකම් ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකුගේ නම් අනුමත කර ඇති බව පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා පවසයි.

ඔවුන්ගේ නම් ලැයිස්තුව පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බව ද පොලිස් කොමිෂන් සභාව සඳහන් කළේ ය.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 20 කට ආසන්න සංඛ්‍යාවක් පුරප්පාඩු පැවතුන ද එම තනතුරට උසස් කිරීමට වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් නොමැති කම ගැටලුවක් වී තිබිණි.

එම කරුණු සැලකිල්ලට ගෙන වසර 4 ක සේවා කාලයක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකු වැඩ බැලීම සඳහා උසස් කළ බව ආරියදාස කුරේ මහතා වැඩිදුරටත් පැවසී ය.