FAST NEWS

24×7 Around the Globe

උද්ඝෝෂණය නිසා කොටුවේ දැඩි වාහන තදබදයක්.

වැඩවර්ජනයක යෙදී සිටින බැංකු සේවකයින් අද (15) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මාර්ගයේ මේ වන විට උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ.

මේ වනවිට විරෝධතාවයේ නියුතු බැංකු සේවකයන් 10,000ක් පමණ ප්‍රමාණයක් විරෝධතාවයේ නියැළෙන බැවින් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ද දක්නට ලැබෙන බව වාර්තා වේ.

2016 අයවැයේ අනර්ථකාරී යෝජනා වලට එරෙහිව මෙම වැඩවර්ජනය සහ උද්ඝෝෂණය සිදුකරන බව ලංකා බැංකු සේවක සංගමය පවසා සිටියේ.

රාජ්‍ය බැංකු 08ක සහ පුද්ගලික බැංකු 12ක බැංකු සේවකයන් අද දින මෙම විරෝධතාවයට එක්වී ඇත.kotuwa