FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට යළි කැදවීමක්.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා හෙට (16) දිනයේ බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.

රක්නා ලංකා සමාගම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම වෙත කැඳවා ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

මීට පෙර අවස්ථා 03 ක දී කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නිශ්ශංක සේනාධිපති මහතාට දැනුම් දී තිබුණ ද ඔහු විදේශගත ව සිටි බැවින් එම අවස්ථාවල දී කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වී තිබේ.

ඒ අනුව යළිත් වරක් හෙට (16) දිනයේ බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.