FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමැති ජොන්ස්ටන්ට ඇප.

2010 – 2014 කාලයේ වත්කම් බැරකම් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබාදුන්නේය.

රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප 5 ක් හා රුපියල් 50,000 ක මුදල් ඇප ද මත හිටපු ඇමැතිවරයා මුදා හැරීමට නියෝග කැරිණි.
1975 අංක 1 දරණ වගන්තිය අනුව වත්කම් බැරකම් ප්‍රකාශ නොකිරීම පිළිබඳව ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව නඩු පවරා තිබූ අතර නඩු විභාගය 2016 අප්‍රේල් 27 වැනිදාට කල් තැබිණි.