FAST NEWS

24×7 Around the Globe

වැඩවර්ජනයට අමතරව බැංකු සේවකයින්ගෙන් උද්ඝෝෂණයක්.

වැඩවර්ජනයක යෙදී සිටින බැංකු සේවකයින් අද (15) දහවල් කොළඹදී උද්ඝෝෂණයක නිරත වනවා. 2016 අයවැයේ අනර්ථකාරී යෝජනාවලට එරෙහිව මෙම වැඩවර්ජනය සහ උද්ඝෝෂණය සිදුකරන බවයි ලංකා බැංකු සේවක සංගමය පවසන්නේ.

එහි විධායක සභික කේෂර කෝට්ටෙගොඩ මහතා පවසන්නේ සියළුම බැංකු මේ වන විට වැඩවර්ජනය සිදුකරන බවයි. ඒ අතර එහි සාමාජිකයින් පිරිසක් කොළඹ කොටුව අසල විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.