FAST NEWS

24×7 Around the Globe

ජනවාරි 9 සිදුවුවා යයි කියන රාජ්‍ය වි‍රෝධී කුමන්ත්‍රණ වාර්තා නීතිපතිට!

අරලිය ගහ මන්දිර‍යේ දී පසුගිය ජනවාරි 9 වැනිදා අලුයම සිදු වූ‍යේ යැයි කියන රාජ්‍ය වි‍රෝධී කුමන්ත්‍රණයක් සම්බන්ධ‍යෙන් ‍පොලිසිය පරීක්ෂණ පවත්වා එම වාර්තා උප‍දෙස් සඳහා නීතිපතිවරයාට යවා ඇති බව නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පාර්ලි‍මේන්තු‍වේ දී ඊ‍යේ (14) ප්‍රකාශ ක‍ළේය.

වාචික පිළිතුරු අ‍පේක්ෂා‍වෙන් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්‍පෙරුම මහතා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ‍දෙමින් ඇමැතිවරයා ‍මේ බව පැවසූ අතර, ‍මේ සඳහා සම්පූර්ණ පිළිතුරක් ලබාදීමට සති ‍දෙකක කාලයක් ඉල්ලා සිටි‍‍යේය.

”මාස 11කට ‍පෙර සිදු වූ‍යේ යැයි කියන සිදුවීමක් සම්බන්ධ‍යෙන් මම අහ‍න්නේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත ‍සේනාරත්න මහතා ‍මේ පිළිබඳ 21 වතාවක් සඳහන් කර ති‍බෙනවා. වි‍දේශ ඇමැතිතුමා පස් හය වතාවත් සඳහන් කර ති‍බෙනවා. ‍මෙය රටට බලපාන ප්‍රශ්නයක්. ඒ නිසා ‍මෙයට පිළිතුරක් අ‍පේක්ෂා කරනවා.’ යයි ඩලස් අලහප්‍පෙරුම මහතා පැවසිය.