FAST NEWS

24×7 Around the Globe

බොරු සාක්ෂි ලබාදුන්නාට මේජර් ජෙනරාල් ජයසුන්දරට නඩු.

බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම හමුවේ බොරු සාක්ෂි ලබාදීම හේතුවෙන් රක්නාලංකා සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ගාමිණි ජයසුන්දර මහතාට එරෙහිව කුරුදුවත්ත පොලීසිය ඊයේ (14) නඩු පවරා තිබේ.

ඒ අනුව විත්තිකරුට 2016 වසරේ ජනවාරි මස 24 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සිතාසි නිකුත් කර ඇත.

සත්‍ය පවසන බවට දිවුරා පොරොන්දු වී කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දී ඇති බවත් තමන් කොමිසම හමුවේ මෙලෙස අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට ඔහු විසින් පිළිගෙන ඇති බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.