FAST NEWS

24×7 Around the Globe

නීතිපති රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාරට නඩු දමයි.

පොරොන්දු වූ පරිදි රුපියල් ලක්ෂ 54 ක් වටිනා මොන්ටේරෝ රථයක් එය මිලදී ගත් පුද්ගලයාට බාර නොදුන් බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

මීට වසර 13කට ඉහතදී සිදු කළ බව කියන මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත.

ඩබ්.පී.ජී.කේ 4271 දරන මිට්සුබිෂි මොන්ටේරෝ ජීප් රථය විකිණීමේදී එහි ලියාපදිංචි අයිතිය වසර 05කින් පවරා දෙන බවට පොරොන්දු වුවද, එලෙස නොකළ බවට නීතිපතිවරයා විසින් චෝදනා නගා ඇත.

2002 මාර්තු මස 22 වැනිදා ඩබ්.පී.ජී.කේ. 4271 දරන වාහනය දිනේෂ් රත්නායක නමැත්තාට රුපියල් ලක්ෂ 54 ක මුදලකට විකිණීමේදී එහි අයිතිය වසර 05කින් පවරා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 54 ක් තමා වෙත ලබාදීමට ඔහු වංක ලෙස පොළඹවන ලදැයි විත්තිකරුට එරෙහිව චෝදනා නගා ඇත