FAST NEWS

24×7 Around the Globe

හෙට සා.පෙළ විභාගයේ වෙනසක් නැහැ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට දිනයේ නොපවත්වන ලෙස විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇති බව ගුරු විදුහල්පති වෘත්තිය සමිත එකතුව පවසයි.

හෙට දිනයේ පැවැත්වීමට යෝජිත වර්ජනය හේතුවෙන් එම ඉල්ලීම සිදු කළ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේ විභාගය සංවිධානය කර ඇති ආකාරය අනුව එය කල්දැමීමේ හැකියාවක් නොමැති බවයි.

ඒ අනූව නියමිත කාල සටහන පරිදි විභාගය හෙට පැවැත්වෙන බව ඒ මහතා පැවසීය.