FAST NEWS

24×7 Around the Globe

අගමැතිගේ සිය විශේෂ පාර්ලිමෙන්තු ප්‍රකාශයෙන් අයවැයට සහන ගෙනෙයි.(සම්පුර්ණ ප්‍රකාශය)

රජයේ සේවකයනට වැඩි කළ රුපියල් දස දහසක දීමනාව ලබන වසරේ සිට රුපියල් 2000 බැගින් මූලික වැටුපට එකතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පාර්ලමේන්තුවේ දී කීවේය.

රජයේ සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය කිසි සේත් අහෝසි නොකරන බවත්, අලුතින් බඳවා ගන්නා සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයේ වෙනසක් සිදු කරන නමුත් විශ්‍රාම වැටුප් අහෝසි නොකරන බවත් අගමැති පැවසීය.

වාහන ආදායම් බලපත්‍ර ගාස්තුව සියයට 10කින් අඩු කරන බව ද, රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500 දක්වා අඩු කරන බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ලබන මැයි මාසය වන විට පෞද්ගලික අංශයේ සේවකයනට රුපියල් 2500ක වැටුප් වැඩිකිරීම ලබා දෙන බව ද වික්‍රමසිංහ මහතා කීවේය.

2015-dec-14-PM-speach-012

2015-dec-14-PM-speach-02 2015-dec-14-PM-speach-03 2015-dec-14-PM-speach-04