අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් හිමියන් ක්‍රියාත්මක කරන වර්ජනයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රියැදුරු සහ කොන්දොස්තරවරුන්ගේ අද (14) සහ හෙට (15) දින නිවාඩු අවලංගු කිරීමට ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පියවර ගෙන ඇත.
මීට අදාළ විශේෂ චක්‍රලේඛයක් ශ්‍රී ලංගම ඩිපෝ වෙත යවා ඇති බව සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවැසීය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් හා මෙදින රාජකාරියට යන කාර්යාල සේවක මහත්ම මහත්මීන් උදෙසාද උපරිම ප්‍රවාහන පහසුකමක් සලසා දෙන බවද රමාල් සිරිවර්ධන මහතා පැවැසීය.







