මෙරට විදේශ සේවාව විධිමත් කිරීම සඳහා කෙටිකාලින හා දිගුකාලින ප්‍රතිපත්ති සහ සැලසුම්වලට යොමුවන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
කෙටිකාලින සැලසුම් යටතේ විදේශ දුත සේවාවන් සම්බන්ධයෙන් වියදම් කපා හැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව ඇතැම් රටවල පවත්වාගෙන යන තානාපති කාර්යාල වෙනුවට අනේවාසික තානාපතිවරුන් හඳුන්වාදීමට විදේශ අමාත්‍යාංශය සැලසුම්කර ඇත.
ඒ අතර මෑතකදී ස්ථාපිත කළ උගන්ඩා සහ සීෂෙල්ස් රටවල තානාපති කාර්යාල වෙනුවට අනේවාසික තානාපතිවරුන් පත් කරනු ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.







