සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර සිටින සෙසු සැකකරුවන් දෙදෙනා ද ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සිදු වූ බව කියන ලක්ෂ 50 ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පසුගිය 07 වනදා නාලක ගොඩහේවා මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.







