හෙට පැවැත්වෙන සංඛේත වැඩවර්ජනය සඳහා වෘත්තීය සමිති 150ක සාමාජිකයින් සහභාගිවීමට නියමිත බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ, දුම්රිය ක්ෂේත්රයේ පමණක් වෘත්තීය සමිති 50ක් එක්වන බව ය.
අද මධ්‍යම රාත්‍රී 12 සිට දුම්රිය හා පෞද්ගලික බස් වෘත්තීය සමිති වර්ජනයට එක්වීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට රජයට තවමත් අවස්ථාව පවතින බව සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කළේ ය.







