FAST NEWS

24×7 Around the Globe

කිලිනොච්චියේ දැරියකුත් සමූහ දුෂණයට ලක් වෙයි

කිලිනොච්චිය පරන්තන් ශිවපුරම් ප‍්‍රදේශයේ අඅවුරුදු 7ක් වයසැති පාසල් සිසුවියක් පසුගිය 25 වනදා දූෂණයට ලක්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන්15 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (27දා) රාත‍්‍රිය වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් කිලිනොච්චිය පොලීසිය පැවැසීය.

සැකකරු අද (28දා) කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර එම පාසල් දැරිවිය සමූහ දූෂණයකට ලක්ව ඇති බවටද ප‍්‍රදේශයේ ජනතාව පවසන අතර ඒ පිළිබඳව විමසීමේදී කිලිනොච්චිය පොලීසිය කියා සිටියේ අවස්ථා දෙකකදී ගත් දැරියගේ ප‍්‍රකාශ අනුව පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් ප‍්‍රකාශ කළ බවයි.