‘ඇවන්ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබන 16 වැනිදාට බරපතළ වංචා දූෂණ විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා තිබේ. ‘රක්නා ලංකා’ සහ ‘ඇවන්ගාඩ්’ ආයතනය සම්බන්ධයෙන් කොමිසම හමුවේ දැනට පැවැත්වෙන විමර්ශනයට අදාළව කට උත්තර ලබා ගැනීමට ඔහු කොමිසමට කැඳවා ඇති බව කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මීට ඉහතදී සේනාධිපති මහතා කොමිසමට කැඳවා තිබූ නමුත් ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔහු විදේශ ගතව සිටින බව ඔහුගේ නීතිඥවරුන් කොමිසමට දන්වා තිබිණි. මේ වන විට දිවයිනට පැමිණ සිටින සේනාධිපති මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි. ඊයේ (10) දිනයේදී කොමිසම ඇවන්ගාඩ් ආයතනයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන සුරංගි බස්නායක මහත්මියගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත් බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය.







