2015 වසරේ ඡන්ද හිමි නාමලේඛනය මේ මස 30 වනදාට පෙර නිකුත් කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.
නාමලේඛනය සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
ඡන්ද හිමි නාමලේඛනය සඳහා අභියාචනා හැත්තෑ එක් දහසක් පමණ ඉදිරිපත්ව තිබූ අතර ඒවා සලකා බැලීමේ කටයුතු ද මේ වන විට අවසන්ව ඇත.
ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් නොවීම සහ ඇතුළත්ව ඇති නම් පිළිබඳ වූ විරෝධතා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සියලු අභියාචනා සඳහා විසඳුම් ලබා දී ඇති බව මහලේකම් කාර්යාලය සඳහන් කළේය.







