එම්.එච්.370 යානයේ හදිසි විදුලි විසන්ධි වවීමකින් යානය ස්වයංක්‍රීය පාලනයට යොමු වීම හේතුවෙන් එය එය දකුණු ඉන්දියන් සාගරයේ ගමන් කර කඩා වැටෙන්නට ඇතැයි ඕස්ට්‍රේලියානු ප්‍රවාහන කාර්යාංශය පවසයි.
විදුලිය විසන්ධිවීම හේතුවෙන් යානයේ පියාසර කිරීම සම්බන්ධ තිරණාත්මක සන්නිවේදන පද්ධති දෙක ක්‍රියා විරහිත වී ඇති බවත් යානයේ සම්බන්ධතා බිඳ වැටීමත් සමග ගුවන් පාලක මධ්‍යස්ථානවලට එය සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බවත් එම කාර්යාංශය කියයි.
යානයේ සියළු සම්බන්ධතා බිඳවැටී පැය භාගයකට පසු එහි නියමුවන් යානයේ චන්ද්‍රකා දත්ත පද්ධතිය හා සම්බන්ධ වීමට උත්සාහ ගෙන ඇති බවත් අනාවරණය වී ඇත. යානයේ විදුලි බිඳවැටීමෙන් යානයේ කාර්ය මණ්ඩලය මුළුමනින් ම අකර්මන්‍ය වන්නට ඇතැයි ද පර්යේෂකයෝ සැකකරයි.
චන්ද්‍රකා දත්ත පද්ධතිය එහි ගබඩා වී තිබූ ශක්තියෙන් යළි කෙටි වේලාවක් සංඥා නිකුත් කර ඇති බව ද පර්යේෂකයෝ කියති. එම සංඥා නිකුත්වන අවස්ථාවේ යානය තිබී ඇත්තේ ඉන්දියන් සාගරයේ සැතපුම් සිය ගණනක් ඈතිනි.
මේ යානයේ අතුරුදන් වීමට හේතුව විදුලිය විසන්ධිවීමක් බව පැවසුව ද ඊට හේතුව අදාල වාර්තාවේ සඳහන් කර නැත. මේ යානයේ විනාශයට වගකිව යුතු වන්නේ යානයේ නියමුවා සහ සහායක නියමුවාගේ නොසැළකිල්ල යැයි කලින් තිබූ මතය මේ වාර්තාවෙන් බැහැර කර ඇත.
ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති වැරන් ටෘෆ් මහතා පවසන්නේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක විද්‍යා තාක්ෂණික කණ්ඩායම දැනට ඇති සියළු දත්ත එකතු කරගෙන එක් ස්ථානයකට සියළු මෙහෙයුම් කටයුතු එක් ප්‍රදේශයක සිදුකරන බවයි. බටහිර ඕස්ට්‍රේලියාවෙන් ඈත දියඹේ වර්ග කිලෝ මීටර 120,000ක් සෝදිසි කිරීමට හඳුනාගෙන ඇත. ඉන් දැනටමත් වර්ග කිලෝ මීටර 75,000ක් සෝදිසි කර අවසන් බව ද නියෝජ්‍ය අගමැතිවරයා පවසයි.







