FAST NEWS

24×7 Around the Globe

මුදල් ඇමති රවීගේ විශ්වාසභංගයට දින නෑ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනවා දින නියමක් නොමතිව පාර්ලිමේන්තු න්‍යාය පුස්ථකයට ඇතුළත් වී තිබේ.

මේ පිළිබඳව අද (10දා) පාර්ලිමේන්තුවේදී අදහස් හුවමාරු වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

නමුත් අනතුරුව නැගී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසුවේ අයවැය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වී ඇති හෙයින් විශ්වාසභංගය පරාජය වී ඇති බවයි.