FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තුවේදි.

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ දී නොවරදවා ම පවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

සීමා නිර්ණය කිරීමේ ගැටළු තිබෙන බව පවසමින් පළාත් පාලන මැතිවරණය කල් යන්නේ යැයි ඇතැම් පුද්ලයන් විසින් ප්‍රචාරයන් ගෙන ගිය ද එවැනි වෙනසක් සිදු නොවන බව පැවසූ ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“සීමා නිර්ණය කිරීම් අවශ්‍ය බවට අභියාචනා 550ක් ලැබී තිබෙනවා. මේ සියළු අභියාචනා දෙසැම්බර් මස 31 වැනිදාට පෙර සළකා බලා අනතුරුව මැතිවරණ ක්‍රමය සංශෝධනයට අවශ්‍ය කටයුතු ආරම්භ කරනවා.” යනුවෙනි.