රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය පිළිබඳව පළමු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ දැනට විශ්‍රාම ලබා සිටින අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ඊයේ (09) අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළේය.
මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාව ඉදිරිපත් කරමින් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා කියා සිටියේ, මෘත ශරීරාගාරයේ ශීතකරණයේ පශ්චාත් මරණ පරීක්ෂණවලට අදාළව තැන්පත් කළ කොටස් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් වගකිව නොහැකි බවය.
මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අනුව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එම ශීතකරණය පරීක්ෂා කළ බවත් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එය අවිධිමත් ලෙස භාවිත කර තිබෙන නිසා බොහෝ කොටස් ඉවත් කර ඇති බව ද ඔහු දන්වා තිබේ.
ඒ අනුව, එම කොටස් අස්ථානගත වී ඇත්තේ ශීතකරණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවත් එය සිදුවුයේ තමා විශ්‍රාම යෑමෙන් පසුව බවත් මහාචාර්යවරයාගේ අදහස ය.
මේ පිළිබඳ අප වර්තමාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා පැවසුවේ, විශ්‍රාම ලත් අධිකරණ වෛද්‍ය නිලධාරියා අස්ථානගත වූ කොටස් තිබූ නිශ්චිත ස්ථානයක් පිළිබඳව සඳහන් නොකරන බවය.







