FAST NEWS

24×7 Around the Globe

රුසියානු සබ්මැරීනයකීන් අයි.එස් ත්‍රස්තයන්ට ප්‍රහාර.

සබ්මැරීනයක සිට අයි.එස් ත්‍රස්තයන්ට පළමු වරට මිසයිල ප්‍රහාර එල්ල කළ බව රුසියාව සඳහන් කරයි.

මධ්‍යධරණී මුහුදේ සබ්මැරීනයක සිට කෘස් මිසයිල අයි.එස් ත්‍රස්ත ඉලක්ක වෙත එල්ල කළ රුසියා ආරක්ෂක අමාත්‍ය සර්ගිෂොයිගු ප්‍රකාශ කර සිටියි.

අයි.එස් ත්‍රස්තයින්ගේ ප්‍රධාන ස්ථාන දෙකකට දැවැන්ත ප්‍රහාර එල්ල කර ඇති අතර මෙම ප්‍රහාර වලින් ආයුධ ගබඩාවකට බිම් බෝම්බ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හා ඉන්ධන සැපයුම් මාර්ගයකටද හානි සිදුව ඇති බව රුසියා ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.

සබ්මැරීනයක සිට ප්‍රහාර එල්ල කිරීම පිළිබද ඇමෙරිකාව හා ඊශ්‍රායලය දැනුවත් කළ බවද රුසියාව පවසයි.