ඉන්දියාව සමග සීපා ගිවිසුම අත්සන් නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමීන් සදහන් කර සිටියේ ඇතැම් පිරිස් රටට අහිතකර ලෙස ඉන්දු ශ්‍රී ලංකා වෙළද සහයෝගිතා ගිවිසුම වන සීපා අත්සන් කරන බවට සාවද්‍ය ප්‍රචාරයන් ගෙන යන බවය.
වෙනත් නමකින් හෝ අදාල ගිවිසුම අත්සන් කිරීමට රජය කටයුතු නොකරන බවෙ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.







