FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්ද උත්සව හා රැස්‌වීම් සීමා කරයි.

තවමත් ප්‍රමාණවත් ආරක්‍ෂාවක්‌ නොමැති නිසා උත්සව හා රැස්‌වීම්වලට සහභාගි වීම සීමා කළ බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

තම ආරක්‍ෂාවට සෙබළුන් 89 දෙනකු සිටින බවත් ඔවුන්ගෙන් ඇතැම් අය නිවාඩු ගිය පසු ආරක්‍ෂාව සැපයීමට ප්‍රමාණවත් පිරිසක්‌ නැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය මත දෛනික කටයුතු රැසක්‌ සීමා කිරීමට සිදුව තිබෙන බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසී ය.