FAST NEWS

24×7 Around the Globe

ගාලූ පාරේ අනතුරකින් 36කට තුවාල.

ගාලූ පාරේ කටුකුරුන්දේදී පෞද්ගලික බස් දෙකක් එකිනෙක ගැටී පිරිමි 15 දෙනෙක් හා කාන්තාවන් තිදෙනෙක් ඇතුළු 36 දෙනෙක් රෝහල්ගත කළ බව පොලිසිය කියයි.

එක් බසයක් හක්මන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බව දැනගන්නට ඇත.

ගැටීමෙන් පසු එක් බසයක් මාර්ගය පසෙක තිබූ කඩයක්ද කඩාගෙන ගොස් නිවසක සාලයේ නතරවී තිබෙන බව වාර්තා වන අතර නිවසේ පසුපස කොටසේ නිවැසියන් දිවි ගලවාගෙන ඇති බව පැවසේ.

අනෙක් බසය විදුලි කණුවක ගැටී නතරවී ඇත.