FAST NEWS

24×7 Around the Globe

ගල් ගසා මරා දැමීමට නියෝග කර සිටි ශ්‍රී ලංකීක කතගේ නඩුව යළි අසයි.

සෞදියේදී ගල් ගසා මරා දැමීමට නියෝග කර ඇති ශ්‍රී ලංකා කාන්තාවගේ නඩුව නැවත ඇසීමට සෞදි රජය තීරණය කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

එය ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයක් බවද ඔහු පැවැසීය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසකට එම කාන්තාව හමුවීමට අවස්ථාව ලැබුණ බවත් ඇයට එරෙහිව පවතින නඩු තීන්දුව වෙනස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.