FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති සී.අයි.ඩී යට.

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අදාළ පරීක්ෂණ සඳහාය.

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති පුවත්පතකට ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාවකදී තමන්ට එල්ල කර ඇති චෝදනාවල සත්‍ය, අසත්‍යතාවය පරීක්ෂා කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙම අමාත්‍යවරුන් තිදෙනා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.