FAST NEWS

24×7 Around the Globe

කොටා පාරේ රථ වාහන තදබදය යතා තත්වයට පත් වේ.(update)

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බොරැල්ල කොටා පාරේ දුම්රිය හරස් මාර්ගයකදී කාර්මික දෝෂයකට ලක්වු දුම්රිය එම ස්ථානයෙන් ඉවත්කර ඇතැයි වාර්තා වේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ එය මේවන විට කොළඹ කොටුව දක්වා රැගෙන එමින් පවතින බවයි.

මෙතෙක් කොටා පාරේ පැවති රථ වාහන තදබදය යතා තත්වයට පත් වෙමීන් පවතින පොලීසිය සඳහන් කරයි.

————————-(update)

දුම්රියක් නිසා කොටා පාරේ රථ වාහන ධාවන නවතියි.

බොරැල්ල කොටා පාරේ  දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් බොරැල්ල සහ රාජගිරිය අතර කොටා පාරේ වාහන ගමනාගමනය සම්පුර්ණයෙන් ඇණහිට තිබේ.

මෙම මාර්ගය වෙනුවට රියදුරන් විකල්ප මාර්ග භාවිත කල යුතු බව පොලිසිය සඳහන් කරයි.

මෙ අතර දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ පීලි පැනීමට ලක්වු දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මෙවන විට සිදුවෙමින් පවතින බවයි.