FAST NEWS

24×7 Around the Globe

සංගා මහේල එම්.සී.එල් වෙනුවෙන් සුපිරී මීලකට විකිණේ – මුරලිටත් හොඳ ලංසුවක්.

හිටපු ශ්‍රී  ලංකා ක්‍රීකට තරු වු මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ලබන වසරේ ජනවාරි මාසයේ දී ඩුබායිහි පැවැත්වීමට නීයමීතව ඇති මාස්ටර් චැම්පියන්ස් ලීග් (MCL) වෙනුවෙන් ඊයේ (07) රාත්‍රීයේදී පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී  ඇමෙරිකානු ඩොලර් 550,000 මුදලකට වෙන්දේසි වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රරයන් ලාරා,සරොව් ගංගුලි, ජැක් කලිස් ප්‍රවීණ ක්‍රීකට් තරු මාස්ටර් ලීගයට තරඟ වදින සය කණ්ඩායම් සඳහා වෙන්දෙසී වී ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීකට් තරුවක් වු  මුත්තයියා මුරලිදරන් ඇමෙරිකානු ඩොලර් 100,000 සඳහා මාස්ටර් චැම්පියන්ස් ලීග් කණ්ඩායමක් සඳහා වෙන්දේසි වී ඇති බව ජත්‍යන්තර ව්‍යාපාරික පුවත්පතක් වන ටයිම්ස් සඟරාව සඳහන් කර සිටියි.