FAST NEWS

24×7 Around the Globe

නිශ්ශංක සේනාධිපති මූල්‍ය අපරාධ විමර්ශනයට කැඳවයි.

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙසට දැනුම්දීමක් කර තිබේ.

එම සමාගමේ කටයුතුවලට අදාළව ප්‍රකාශයක් ගැනීමට එම කැඳවීම කර ඇති බව පොලිස්  මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

ඇවන්ගාඩ් ප්‍රධානියා යැයි සැලකෙන නිශ්ශංක සේනාධිපති නැමැත්තාගෙන් හෝ ඇවන්ගාඩ් ආයතනයකට සම්බන්ධ කිසිවෙකුගෙන් මැතිවරණ අරමුදල් හෝ අල්ලස් ඉල්ලීමක් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවත් ඒ සම්බන්ධයෙන්  එල්ල කර ඇති චෝදනාවල සත්‍යය අසත්‍යයතාවය සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග හා පාඨලි චම්පික රණවක යන අමාත්‍යවරුන් පසුගිය දා පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් ද කර තිබේ.