ජනපතිවරණ සමයේ රත්නපුර පැල්මඩුල්ලේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැස්වීමකට වෙඩි තබා ආධාරකරුවකු ඝාතනයට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට (චොකා මල්ලී) රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අභියාචනාධිකරණය අද (7) නියෝග කළේය.
අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ රෝහිණී එල්ලාවල හා මාලනී ගුණරත්න යන මහත්මීන් මන්ත්‍රීවරයාට ඇප ලබාදීමට තීරණය කළ අතර ඔහුට විදේශ ගත වීම තහනම් කැරිණි.







