කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාගය තවදුරටත් පවත්වාගෙන නොයන බව මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණය දැනුම්දී තිබේ.
ඒ පිළිබඳ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මිනුවන්ගොඩ ප්රධාන මහේස්ත්රාත් රුවන් පතිරණ මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණයේ නඩුවක් විභාගවීම ඊට හේතුව බවයි.
ඒ අනුව සැකකාර සමන් ජයලත් නැමැත්තා මීගමුව බන්ධනාගාරය වෙත යොමු කරන ලෙස මහේස්ත්රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබේ.
කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සමන් ජයලත් නැමැත්තාට චෝදනා එල්ල වී ඇති අතර ඩී.එන්.ඒ පරීක්ෂණයක් ඔහු මෙම ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ද උසාවියේදී කර තිබිණ.







