FAST NEWS

24×7 Around the Globe

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා අත්අඩංගුවට (Update)

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සිදුව ඇතැයි කියන රුපියල් ලක්ෂ 50ක මූල්‍ය වංචාවකට අදාළව එහි හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා අද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බව ය.

මෙම ගනුදෙනුවට අදාළව කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් හා තවත් අයෙකු අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.

——————————————(update)

නාලක ගොඩහේවා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට.

සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

ඔහු සභාපතිව සිටි සමයේදී තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට නාලක ගොඩහේවා මහතාට පසුගිය පෙරේදා (05) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබුණත් ඔහු එදින නොගොස් අද (07) දක්වා කල් ලබාගෙන තිබුණි.

ඒ අනූව ඔහු අද මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.