FAST NEWS

24×7 Around the Globe

ද්‍රවිඩ සන්ධානයට එරෙහිව යුද අපරාධ චෝදනා.

යුද අපරාධ චෝදනා විභාග කරන විශේෂ අධිකරණය හමුවේ ද්‍රවිඩ සන්ධානයට එරෙහිව යුද අපරාධ චෝදනා සාක්‍ෂි සහිතව ඉදිරිපත් කිරීමට විදෙස්‌ගත ශ්‍රී ලාංකික කණ්‌ඩායමක්‌ ඉදිරිපත් වී ඇත.

ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයන් කීප දෙනක්‌ කැනඩාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය හා ස්‌විට්‌සර්ලන්තයට පැමිණ පැවැත්වූ ත්‍රස්‌තවාදයට සහාය වන ප්‍රකාශ රැසක්‌ තමන් පටිගත කර ඇතැයි එම කණ්‌ඩායමේ ප්‍රකාශකයෙක්‌ ඊයේ (3 දා) පැවසීය.

මේ සඳහා හිටපු හමුදා නිලධාරීන් කීපදෙනකුගේ සහායද තමන්ට ලැබී ඇතැයි ඔහු පවසයි.

මුලතිව් බංකරයක තිබී ද්‍රවිඩ සන්ධානය හා කොටි සංවිධානය අතර සබඳතා හෙළි කරන රහස්‌ ලියවිලි රැසක්‌ද මෙම අධිකරණය වෙත යොමු කෙරෙනු ඇත.