නාවික හමුදාව විසින් ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම් සර්විසස් විසින් පවත්වාගෙන ගිය මුහුදු ආරක්ෂණ සේවාවන් අහිටුවා ඒවා බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම නිසා ඇවන්ට් ගාර්ඩ් සේවකයන් 6,754කගේ සේවය අහිමි වී ඇතැයි ඇවන්ට් ගාර්ඩ් මැරිටයිමස් ආයතනයේ රැකියා අහිමිවූවන්ගේ සංගමය කියයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක යුදහමුදාවේ විශ්‍රාමික කර්නල් නිලන්ත ජයවීර මහතා කියා සිටින්නේ, ඇවන්ට් ගාර්ඩ් මැරිටයිමස් සමාගමේ ගිවිසුම්ගත සමුද්‍ර ආරක්ෂකයින් 1,700ක්, කොළඹ හා ගාල්ල කාර්යාල ඇතුළුව කාර්යාල මණ්ඩලවල සිටි මෙහෙයුම් නිලධාරීන් 410ක්, වානිජ නෞකා මෙහෙයුම් සධහා ගිවිසුම්ගතව සිටි සමුද්‍ර ආරක්ෂකයින් 250ක්, අවි රහිත සමුද්‍ර ආරක්ෂකයින් 250ක්, රක්නා ආරක්ෂක සමාගමේ අවිවලට කොන්ත්‍රාත් පදනම යටතේ රැකියා හිමිව තිබූ 1,200ක්, ඇනවන්ට් ගාර්ඩ් ගොඩබිම් ආරක්ෂක සමාගමේ 1,240 දෙනෙකුට, එහි තවත් 500කට, රක්නා ආරක්ෂක සමාගමේ ඉදිරි ක්‍රියාන්විත භාරව සිටි හා අවිගබඩාවල සිටි අවිගාර භාරකරුවන් 50ක් හා තාවකාලික හා අනියම් අයුරින් බඳවාගත් 1,164ක් මෙසේ රැකියා අහිමිවූවන් සිටින බවයි.
මින් 80%ක් විශ්‍රාමික රණවිරුවන් බවද කී ඒ මහතා ඉන් වැඩි ප්‍රතිශතය නාවික හමුදාවෙන් විශ්‍රාම ගිය අය බවද කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.







