නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කූට ලේඛනයක් සැකසීමට රුපියල් ලක්ෂ 75ක් ඉල්ලා පසුගියදා කොහුවලදී රුපියල් ලක්ෂ 25 ක් ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නාරාහෙන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ධම්මික ගුණතිලක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.
ගුණතිලක නාරාහේන්පිට සිට අම්පාරට මාරු කරනු ලැබ සිටියේය.
ඔහු මෙම සිද්ධියට හවුල් යැයි මීට කලින් අත්අඩංගුවට ගත් අපරාධ අංශයේ ස්ථානාධිපති කියා තිබූ බව අල්ලස් කොමිසම කියයි.







