සිරියාවේ අයි එස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අයි.එස් සංවිධානයේ සෘජු ඉලක්කයක් බවට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කර සිටියි.
ජනාධිපති පුටින්ට සහ රුසියාවට ප්‍රබල අනතුරු ඇගවීමක් අයි එස් සංවිධානය විසින් සිදුකර ඇත.
ඒ සිරියාවේ සිටි රුසියානු ඔත්තුකරුවෙකු ගෙළ සිඳ ඝාතනය කිරීමේ වීඩියෝ පටයක් අන්තර්ජාල නිකුත් කරමීන්ය.
එම විඩියෝ පටය හරහා අදහස් දක්වමීන් අයි.එස්. සංවිධානය රුසියාවට එරෙහි යුද්ධය ඒ සමගම ආරම්භ වූ බව සඳහන් කර ඇත.
එමෙන්ම, රුසියාවේ මොස්කව් අගනුවර මෙන්ම ඇමරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝක් නගරවලට ද ප්‍රහාර දියත් කරන බව අයි.එස් සංවිධානය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි..







