FAST NEWS

24×7 Around the Globe

තලේබාන් නායක මුල්ලාට සිය කැරලිකරුවන්ගෙන්ම වෙඩි ප්‍රහාරයක්.

ඇෆ්ගන් තලේබාන් නායක මුල්ලා අක්තාර් මන්සූර් ගැටුමක් දුරදිග යාමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා. කැරලිකරුවන්ගේ අණදෙන නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඉන් තලේබාන් කැරලිකරුවන් පස් දෙනෙකු ද මියගිය බවයි වාර්තා වන්නේ. සාකච්ඡාව පවත්වා ඇත්තේ පාකිස්ථානයේ ක්වාටා නගරයේදී. තුවාල ලැබූ ඇෆ්ගන් තාල්බාන් නායකයා රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජහිද් මෙම සිද්ධිය ප්‍රතික්ෂේප කළ ද ඇෆ්ගන් බුද්ධි තොරතුරු මෙම වෙඩි තැබීම තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.