FAST NEWS

24×7 Around the Globe

අයි.එස්ට එරෙහිව බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර අරඹයි.

සිරියාවේ ක්‍රියාත්මක අයි.එස්. කැරළිකරුවන්ට එරෙහිව බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර ආරම්භ කර තිබේ.

ඒ අනුව පළමු ගුවන් මෙහෙයුම ඊයේ (02) රාත්‍රීයේ සිදු කළ බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සඳහන් කර ඇත.

සිරියාවේ අයි.එස්. ක්‍රියාකාරීන්ට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය ද ඊයේ හිමි විය. ඊයේ පැය 10 කට වැඩි කාලයක් පුරා පැවති විවාදයකින් පසු ඊට අනුමැතිය හිමිවුයේ පක්ෂව මන්ත්‍රීවරුන් 397 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමත් සමග ය.

එම අනුමැතියෙන් පසු එල්ල කළ ගුවන් ප්‍රහාරවලට බ්‍රිතාන්‍ය ප්‍රහාරක යානා 04 ක් යොදා ගෙන ඇත. කෙසේ වුව ද ඔවුන් සිරියාවේ අයි.එස්. කැරළිකරුවන්ට එරෙහිව කළ මෙහෙයුමේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය අදාළ තොරතුරු අද (03) හෙළි කරන බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.