FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා විදේශ ගතවීමට අවසර ඉල්ලා කළ ඉල්ලීමක් අධිකරණය අද (03) ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

වත්කම් බැරකම් නිසි පරිදි ඉදිරිපත් නොකළැයි අල්ලස් කොමිසම විසින් සජින් වාස්ට නඩු පවරා ඇති අතර ඊට අදාළව හිටපු මන්ත්‍රීවරයාට විදේශ ගතවීම තහනම් කරමින් මීට පෙර නියෝගයක් ද නිකුත් කර තිබිණ.

සැකකරුගේ පියාට වෛද්‍ය ප්‍රතිකාරයක් ගැනීම සඳහා සජින් වාස්ට විදේශගතවීමට අවස්ථාව ලබාදෙන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම ඉල්ලීම කරන ලදී.

ඊට විරෝධය පළ කළ අල්ලස් කොමිසම සැකකරු විදේශ ගත වුවහොත් පරීක්ෂණයට බාධාවක් සිදුවිය හැකි බවද මොහු ගැන අන්තර්ජාතික වශයෙන් ද පරීක්ෂණයක් කරන බැවින් ඇප ලබාදීමට විරුද්ධ බවද පවසා තිබේ.

ඒ අනූව කරුණු සලකා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉල්ලීම ප්‍රතික්ෂේප කරඇත.