හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බරපතල වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසමට අද(03) පැමිණ තිබේ. ඒ,රක්නා ලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්රකාශයක් ලබාදීමටයි.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයා හා ඇවන්ගාඩ් සභාපතිවරයා ඇතුළු පස් දෙනකුට එරෙහිව නඩු පැවරීමට සාධාරණ කරුණු ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා නීතිපතිට වාර්තාවක් මගින් නිර්දේශ කර ඇත.
ඒ,නීති විරෝධී ලෙස ශ්රී ලංකාවට ගිනි අවි ආනයනය, වලංගු බලපත්ර නොමැතිව ගිනි අවි හා උණ්ඩ ළඟ තබා ගැනීම, එම වැරදි කිරීමට කුමන්ත්රණය කිරීම හා ආධාර අනුබල දීම යන කරුණු යටතේයි.







