අයවැය යෝජනා කිහිපයක් සංශෝධනය විය යුතු බව අමාත්‍ය එස්.බී දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ, දිවිනැගුම අරමුදලේ මුදල් ජාතික ඉතිරි කිරීමේ බැංකු සමග ඒකාබද්ධ කිරීමට ඉඩ නොදෙන බව ය.
සේවක අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල් ඒකාබද්ධ කිරීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
රාජ්‍ය සේවකයින්ගේ වාහන බලපත්‍රය අහෝසි නොකළ යුතු බව ත්, අධ්‍යාපනයට වෙන් කර ඇති සැබෑ මුදල හෙළි කළ යුතු බව ත්, එස්. බී දිසානායක මහතා අද පාර්ලිමේන්තවේදී කියා සිටියේ ය.







