FAST NEWS

24×7 Around the Globe

හිටපු නි. ඇමති සරණ ගුණවර්ධනට සමථ මණ්ඩලයෙන් සමාදානය.

මහ මැතිවරණ සමයේ එක්සත් ජාතික පාක්ෂිකයකුට පහර දුන්නේ යැයි සැකපිට ඇප මත සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන අද (2) මෝසමක් මගින් නඩුව කැඳවා පැමිණිලිකරු සමග සමථ මණ්ඩලයේදී සමාදාන වූ බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ පොලිසියට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මෙනවිය පැමිණිලිකරුට ලබන 14 උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කළාය.