FAST NEWS

24×7 Around the Globe

අගමැතිගේ ඉලක්කය 2030 දී සියයට 9ක ආර්ථික වර්ධන වේගයක්.

සියයට 9ක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීම දුෂ්කර කාර්යයක් වුවද එය අත්කර ගැනීම අපහසු නොවන බවත්, 2030 වන විට  ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීමට සිදුව ඇති බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ කොටස් වෙළඳපොළේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් අද එහි පැවැති උත්සවයකට එක්වෙමිනි.

එසේම කවර තත්ත්වයක් හමුවේ වුවද ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ලබන වසරේදී සියයට 6.5ක ආර්ථික වර්ධනය වේගයක් අත්කර ගත  යුතුව ඇතැයි ඒ  මහතා අවධාරණය කරයි.