FAST NEWS

24×7 Around the Globe

පිල්ලෙයාන් නැවතත් රිමාන්ඩ් භාරයට.

හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මඩකලපුව මහේස්ත්‍රාත් එන්.එම්.අබ්දුල්ලාහ්ගේ නියෝගයකට අනුවයි.

අද උදේ කොළඹ සිට මඩකලපුවට කැඳවාගෙන ගිය පිල්ලයාන් උසාවියට ඉදිරිපත් කරන ලදි.

2005.12.25 දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් පූජාවට සහභාගි වෙමිින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් 2015.10.09 දින කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරයි.

පිල්ලයාන් උසාවියට කැඳවාගෙන ඒමත් සමග මඩකලපුව නගරයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.