චෙන්නයිහි ගුවන්තොටුපොළ මේ වන විට සියලු ම ගුවන් ගමන් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
එ හේතුවෙන් කටුනායක හා චෙන්නායි අතර ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර ඇති බව වාර්තා වේ.
ඒ, අධික වර්ෂාවත් සමග ගුවන් පථය ද ජලයෙන් යට වී තිබීම හේතුවෙනි.
අධික ලෙස වර්ෂාව ඇද හැලීමත් සමග ඉන්දියාවේ චෙන්නයි ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යට වී තිබේ.







